
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලැවෙන කැළෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්..//
කෙළෙස් මල පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ//
සොයා ආවෙමි පොළෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ සඳ
ඇසේ මතුවන..
ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ//
මගේ නෙත සිත මෝහනය කර
මගේ හුදුබව පසක් කරවයි
ඇසේ මතුවන..
ගායනය: පණ්ඩිත් අමරදේව
ගේය පද: මහගම සේකර
No comments:
Post a Comment