2011-7-21 දින
බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව ඇසුරින්
සකසන ලදී
වත්තූපම සූත්‍රය
දේශකයන් වහන්සේ අතිපූජ්‍ය පතේගම ඤණරතන හිමි.
මඣ්ඣිම නිකායට ඇතුලත් සූත්‍රයකි.
වස්ත්‍රයක් උපමා කරමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද සූත්‍රයකි.තුන් ලොවක් සනසමින් දේශණා කරන ලද දේශණා අතුරෙන් ඉතා වැදගත් සූත්‍රයකි.මෙම
ධර්මයෙහි පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් කොටස් තුනකට බෙදේ. සූත්‍ර
ධර්මයන් අයත් වන්නේ පර්යාප්ති කොටසටයි.මේ ධර්මයට සවන් දී ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිපත්ති
ප්‍රතිවේධ දෙකොටසට සම්පූර්න කරයි.මෙම සූත්‍රය වස්ත්‍රයක් උපමා කර දේශනා කර ඇත. නිවැරදිව
වස්ත්‍රයක් වර්න ගැන්වීමේදී ප්‍රථමයෙන් එය පිරිසිදු කළ යුතුවේ. දූවිලි සහිත අපිරිසිදු වස්ත්‍රයක් විවිධ වර්ණයන්ගෙන් නියමිත ක්‍රමයට වර්ණ ගැන්වුවද නියම වර්ණය ඇති නොවේ.දැඩි සේ වෙහෙසවී කළ ද ප්‍රතිඵලය නොලැබුනි.නමුත් නිවැරදි ක්‍රමය දන්නා තැනැත්තා මුලින් වස්ත්‍රය සෝදා
වේලා පිරිසිදු කරගනී. ඉන්පසු අවශ්‍ය වර්ණය
නිවැරදි ක්‍රමයට පාට ගන්වයි.
මෙම උපමාව ධර්මයට අදාළ කරගත් ආකාරය මනරම්ය. මුලින් කළ
යුතු කොටස මැනවින් දැන මැනවින් ඉටුනොකල විට ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක.
නිවන් මාර්ගයේ කටයුතු කරන විටද මුලිකව කළ යුතු කාර්ය නිසියාකාරව ඉටුකර පිරිසිදු
බැබලෙන සිතක් නිර්මාණය වන ආකාරය. දුක උරුම කර නොගත් දුක පිළිබද අවබෝධ කරගත් සිතක්
ඇති කරගන්නා ආකාරය.
ස්වක්ඛාත ආදී ගුණයකින් යුතුවූ ධර්මය අවබෝධ කිරීමේදී එය
මැනවින් දැනගෙන මුල් පියවර ගත යුතුය. මුල් පියවර හරියාකාරව ඉටුකිරීමෙන් දෙවන පියවර
තැබිය යුතුය. ධර්මයෙහි පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් අවබෝධ කළ යුතුය.
පළමුව දශ කුසලයෙහි යෙදීමෙන් රාග ද්වේශ මෝහ කෙළෙස් යටපත් කර ගැනීමට උත්සාහ කළ
යුතුවේ. බුද්ධෝත්පාද කාලයක ඉපිද මිනිසත් බවක් ලබාගත් පසු ලෝකය අවබෝධ කර ගැනීමට
උත්සුක විය යුතුය.ඒ සඳහා දහම් ඇසත් දහම් නුවණත් අවශ්‍යය. කල්‍යාණ මිත්‍ර
සම්පත්තියෙන් ඒ දෙකම අපට ලැබේ. ලෝකයේ සිදුවෙන්නාවූ සියළු දේ හි අනිත්‍යතාවය හා
දුක්ඛතාව නුවණැසින් බලන විට වැටහේ. එහෙත්
ලෝකයේ සියල්ලෝම රාගයෙන් රත්වී ද්වේශයෙන් දැවෙමින් මෝහයෙන් මුලාවී කටයුතු කරන
බැවින් දුකට කරදරයට පත් වන බව අපට පෙනේ.
මෝහ පටලයකින් වැසී මිනිසුන් අප්‍රමාණ අපරාධ කරති. තමනුත් අනුනුත් අතරමං වීමට
කටයුතු කරති. මෙසේ සිත කය වචනය අසංවර වීමෙන් ලෝකයා ගිනි ගන්නවා ඇත. මේ අතර ධර්මය
ලෝකයට බෙදා දෙන්නට ආලෝකය බෙදාලන පිරිසක්ද ඇත. මිනිසෙක් ඉපදී ජීවත්වන කෙටි කාලය තුළ
සිත කය වචනය සනසවන ධර්ම මාර්ගයෙහි යෙදවිය යුතුමය.
රාග ද්වේශ මෝහයෙන් මුලාව අප්‍රමාණ අකුශලයන්හි නිරතවන
මිනිසුන් නිසැකවම අපාගත වන්නේය. ඔවුන් සුගති ගාමී වන්නට පැතීම කිලිටි වස්ත්‍රයකට
වර්ණ ගන්වා බැබලෙන පැහැයක් බලාපොරොත්තු වීම වැන්නකි.මෛත්‍රිය කරුණාව සිතින් ඈත්වූ
විට එවැනි අය තමාගේ අදහස් සඵල කර ගැනීමට ඕනෑම වරදක් කරති. ධර්මය නැති ලෝකය ගිනි
ගන්නකි. සිත මුලා කරන කෙළෙස්, සිත කිළිටි කරන කෙළෙස් මොනවාද යන වග බුදුන් වහන්සේ
දේශනා කළ සේක.එසේම කාය වාග් මනෝ යන ද්වාරයන්හි යහපත් ක්‍රියාවන්හි නිරතවන නොකිළිටි
චිත්තයක් ඇති තැනැත්තා මරණින් මතු සුගතියකම උපත ලබන්නේ යැයි බුදුන් වහන්සේ දේශනා
කළ සේක. මෙම සුත්‍ර යෙහි සඳහන් වන පරිදි
දුගති භූමි හෙවත් අපාය භූමි වල උපත ලැබීමට හේතුවන උප ක්ලේශ රාශියක් දේශනා කර ඇත. ඒවා
නම්
1. අභිජ්ජාව හෙවත් දැඩි ලෝභය
මෙම විෂම ලෝභය නිසා මනුෂ්‍යයෝ නොයෙකුත් අකුසල් කර ගනිති.
නොයෙකුත් ආකාරයේ පව්කම් කර ගනිති.තමා සතුදේටත් අන්සතුදේටත් ලෝභ උපදවා හොඳ නරක
නොබලා ඕනෑම ආකාරයක අපරාධයක් කිරීමට මැලි නොවෙති.
2. ව්‍යාපාදය හෙවත් තරහව
පටිඝයේ මූලික අවස්ථාවයි. තරහව, කේන්තිය සිත මුලා කරයි.
දරුණු කරයි. සත්වයා තරහව නිසා ගිනියම් වෙයි.
3. ක්‍රෝධය
තරහවේ වැඩි දියුණු තත්වයයි. ක්‍රෝධය නිසා ගිනිගත් සිතින් තැන නොතැන නොබලා ඕනෑම අපරාධයක් කිරීමට
එම තැනැත්තා පෙළෙඹෙයි.
4. උපනාහය හෙවත් වෛරය
තරහව මුල් කර ඇති වන පලිගැනීමේ චේතනාවයි.කවදා හෝ කෙසේ හෝ
පලි ගැනීමට සනිටුහන් කිරීම මේ අයගේ ගතියයි.වෛරය මේ ආත්මයේ පමනක් නොව මතු ආත්මයටද
ගෙන යන්නකි. එය බද්ධ වෛරයයි කියනු ලැබේ. දේවදත්ත ගේ වෛරයත් මෙ ආකාරය.
5. මක්කෝ හෙවත් ගුණමකු බව
ගුණවත් අයගේ ගුණයන් අගය කිරීමට ඇති අකමැත්ත නිසා එම
ගුණයන් මකා දැමීමට කතා කරයි. කාගේ හෝ ගුණයක් කියනවා ඇසීමට පවා මේ අය කැමති නැත.
අගුණයක් මතු කර දැක් වීමට නොමැති නම් නිහඩව හෝ සිටී.
6. ඵලසෝ
එකට එක කියන ගතිය හා එකට එකට එක කරන ගතිය. බැන්නොත්
බනියි. ගැහුවොත් ගහයි.
7. ඉස්සි හෙවත් ඊර්ෂ්‍යාව
අනුන්ගේ සැපයෙහි නොරුස්නා බව හෙවත් කාට හෝ යහපතක් හෝ
හොඳක් වනවාට ඇති අකමැත්ත.
8. මච්ඡරිය හෙවත් මසුරුකම
ලෝභයටම කිට්ටුය. මෙබඳු අය කිසිවෙකුටවත් කිසිවක්
නොදෙයි.තමා සතු ධනය කිසිවෙකුවත් පෙනෙනවාට දැනගන්නවාට කැමති නැත. තමා සතු දේ සඟවා
තබයි. තමාගේ ප්‍රයෝජනයට පවා නොගනී. බුදුන් දවස අදින්න පුබ්බක බමුණා එවැන්නෙකි.
9. මායා චිත්ත
මෙබඳු අය අනන්‍යයන් මුලා කරයි.තමා තුළ නැති ගුණ ඇති බව
පෙනෙන සේ කටයුතු කරයි.කරුණාව දයාව මෛත්‍රිය වැනි ගුණාංග ඇති අයෙකුසේ කටයුතු කළද
යටි සිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වැනි අගුණ පිරී පවතී. මායා කාරයෙකුසේ කටයුතු කරයි.
10. සාටෙයිය
කපටිකම, මායාවට තරමක් දුරට කිට්ටුය.බොරු මුහුණු පෙන්වා
අන්‍යයන් රවටන ස්වාභාවය බොහෝ විට වෙළෙදුන් තුළ ඇත. කපටි කමින් බොහෝ දේ ලබා ගැනීමට
මොවුන් ට හැකියය.
11. තබ්බෝ
තද ගතිය, දරදඩු ගතිය, නොනැවෙන ගතිය,කවුරු කීවද නොඅසන
දඩබ්බරයෙකි. මානය නිසා මෙම දරදඩු ගතිය ඇතිවේ. කාගේවත් බසට ගරු නොකරන මෙබඳු අය
හිතුමතේට කටයුතු කරන්නෝය.
12. සාරම්බෝ
එකට එක නොව දෙක තුනක් කරන ගතිය. පලි ගැනීම බලවත්ය. කුඩා
වරදකට වුවද මහා පරිමාණයෙන් පලි ගැනීම මොවුන්ගේ ගතියයි.
13. මානය
මැනීම යන අදහසයි. හීන මානය, සදිස මානය, සෙයිය මානය, අති
මානය ආදී වශයෙන් ප්‍රභේද ඇත.
හීන මානය ඇත්තා තමා ගැන සිතන්නේ අවතක්සේරුවෙනි. යම් යම් දෙයින් තමා අඩු යයි සිතීම
හැකියාවන් උගත්කම් කුළය ධනය රෑප ශෝභාව ආදී වූ නොයෙක් කරුණු වලින් තමා පහත් කොට
සිතීම. මෙය දියුණුවට බාදාවකි. ඉදිරිපත් වීම ඉතා අඩුය. හීන මානය ඇත්තා අනුන් හෙලා
දැකිමට කැමැත්තක් දකිවයි.
සෙයියමානය තමා උසස් කොට අනුන් පහත් කොට සැලකීම අත්තුක්කන්සන පරවම්සන
යනු මේ අයයි.නොයෙක් හේතු අනුව අන්‍යයන් පහත් කොට සිතීමත් තමන් උසස් යයි සිතීමත්
සිදුවේ.මෙබඳු අය මරනින් මතු වඳුරන්ව උපත ලබයි.
සදිසමානය ගුණයෙන් දැන උගත් කමින් සිල්වත් කමින් ආදී කොට යහ ගුණයන්
ගෙන් වැඩි අය කිසිම ගුණයකට නැති තමා හා සම කොට සිතයි. කිසිම දක්ෂතාවයක් නැති වුවද
දක්ෂයින් හා සමව සිතයි.
අතිමානය බොහෝ කරුණු විෂයෙහි තමා තරම් තවත් නැතැයි හටගත් ආඩම්බර
ස්වාභාවය. මෙබඳු අහංකාර පුද්ගලයෝ මරණින් මතු බල්ලන්ව උපත ලබයි.
14. මදය
මෙය නොයෙක් කරුණු මුල්කර ගෙන ඇතිවේ. ආරෝග්‍ය මදය, යොබ්බන
මදය, රූප මදය, ධන මදය, ආදී වශයෙනි. ආරෝග්‍ය මදය ඇති අය තමා රෝගීවන බව නොසිතයි.
අනිත් අය පමණක් රෝගී වන්නේ යැයි සිතන හිස උදුම්මා ගත් ගතියෙන් යුතුය. යොබ්බන මදය
ඇති තරුණයෝ තරුණ මදයෙන් මත්ව වැඩිහිටියන්ට ගරු සරු නැත විහිළු තහළු කරයි. ඇතැමුන් උගත්
කම හිසට ගෙන මදයට පත්ව අන්‍යයන්ට සලකන්නේ නැත.
15. ප්‍රමාදය
සෑම කටයුත්තක්ම කල්දැමීම ස්වභාවයයි.පුන්‍ය කර්ම වැනි
යහපත් වැඩවලදීද පසු වට කල් දමයි.
බුදුරජානන් වහන්සේ
සත්වයන්ගේ දුගති ගාමී වීමේ හේතු වශයෙන් උප ක්ලේශයන් 15 ක් දේශණා කළහ. වත්තූපම සූත්‍ර යෙන් දක්වා
ඇති පරිදි මෙම උප ක්ලේශයන්දුරු කිරීමෙන්
සුගති ගාමී විය හැකි බව වදාළහ.
No comments:
Post a Comment