සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Friday, November 29, 2013

2011-7-26 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශණාව ඇසුරින් සකසන ලදී

මහා හස්ති පදෝපම සූත්‍රය


දේශකයන් වහන්සේ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමි.
විශාල ඇතෙකුගේ පාදයක් උපමාවට ගෙන සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයකි. ඇවැත්නි මේ පොළොවේ හැසිරෙන සියළුම සතුන්ගේ පාද හස්තියාගේ පාද සටහන තුළ තැබිය හැකිය ඒවගේ මේ බුදු දහමේ චතුරාර්ය සත්‍ය තුළ සියළු ධර්මයන් අඩංගුවේ. කුමක්ද මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය, සමුදය  සත්‍ය, නිරෝධ සත්‍ය හා මාර්ග සත්‍ය වේ.
දුක්ඛ සත්‍ය යනු
ජාති, ජරා, ව්‍යාධි, මරණ,ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස කෙටියෙන් කියන්නේ නම් පංච උපාධානස්කන්ධයම දුකය කුමක්ද මේ පංච උපාධානස්කන්ධය
පංච උපාධානස්කන්ධය යනු රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාන යන පහයි. රූප ස්කන්ධය සෑදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් උපාධානය වීමෙනි.
කුමක් ද මේ පඨවි ධාතුව තද බව පෘථිවිය ගොරෝසු බව බර ගතිය මෘදු ගතිය ආදී ගති ඒවායේ ඇත.බාහිරින් තිබුනද අභ්‍යන්තරව තිබුනද මේ සියල්ල එකම පඨවි ධාතුවකි.
එබැවින් පඨවි ධාතුව මගේ යයි ගන්නේ කෙසේද අභ්‍යන්තර බාහිර වශයෙන් ඇත්තේ එකම පඨවි ධාතුවයි. එසේ නම් මගේ යයි ගන්නේ කෙසේද? කෙස් ගත්තොත් මගේ කියා කීවද කලකදී සුදු පැහැවේ. දත් දිරා යයි. අනිත්‍ය ස්වභාවයක් ඇත. අනිත්‍ය වූ දෙය දුක ගෙනදේ. මට පාලනය කල නොහැක. ඒ නිසා අනාත්මවේ.බාහිර ඇති පඨවි ධාතුවද කලකදී ස්වාභාවිකවම විනාශ වී යයි. පඨවි ධාතුව තන්හාව නිසා මම මගේ යැයි අල්ලා ගත්තද එය එසේ විය නොහැක. කවුරු හෝ කාට හෝ බනිනවා යැයි සිතමු එවිට ශබ්දය කනට ඇසේ . ශෝකයක් ඇතිවේ. එම දැනීමට ශෝක විඤ්ඤාය  යැයි කියමු. ශෝක සම්පස්සය ඇතිවේ.වේදනාව ඇතිවූයේ ස්පර්ශයෙනි. ශරීරයේ ඇති පඨවි ධාතුව අනිත්‍ය නම් මට බනිනවා යැයි කියන්නේ කෙසේද? මම කියා කෙනෙක් නැත.
දිනක් සැරියුත් හිමියන්ට භික්ෂුවක් දෝෂාරෝපනය කළ විට සැරියුත් හිමියන් කළ සීහ නාදය උදාහරණයට ගත හැකිය. මම මහ පොළොව වගේ මම කායගතාසතිය  වඩන්නෙකි. මම ජලය වගේය. ජලයට මිනිසුන් නොදමන දෙයක් නැත. ස්වාමීනී මම ගින්න වගේය.ගින්න හොඳ නරක සියළුදේ දවයි. ස්වාමීනී මම සුළග වගේ.සුළගින් සියල්ල ගසා ගෙන යයි.මමද එසේම ය.මෙසේ සතර මහ ධාතු ගැන ප්‍රකාශයක් කරයි.
ආපෝ ධාතුව වැගිරෙන සුළු බවය
ශරීරයේ ඇති පිත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල්, කඳුළු, වුරුණුතෙල්,කෙළ,සොටු,සඳ මිදුළු,මුත්‍රා ආදී වැගිරෙන සුළුදේ ආපෝ ධාතුවයි.ශරීරයේ ඇති ආපෝධාතුවත් බාහිර ඇති ආපෝ ධාතුවත් දෙකම එකය.අප කරන්නේ පිට ඇති ආපෝ ධාතුව ඇතුලට ගැනීමත් ඇතුළත ආපෝ ධාතුව පිටතට යැවීමත්ය. එසේ කොට ශරීරයේ ඇති ආපෝ ධාතුව මගේ යයි. ගන්නේ කෙසේද? මේ ආපෝ ධාතුව විනාශයට යයි. නැතිවී යයි. කිපෙන අවස්ථාද ඇත.බාහිර වශයෙන් ගංවතුර ආදී අවස්ථා ගත හැක.සිඳී යන අවස්ථාද ඇත. ලෝක විනාශයේදී සාගර සියල්ල සිඳී යයි.එයින් පෙනෙන්නේ ආපෝ ධාතුවේ අනිත්‍ය බවයි. එසේ නම් එය මගේ වන්නේ කෙසේද? මට අයත් නැති ශරීරයේ ඇති මේ ආපෝ ධාතුව විනාශ වීම නොනැවැත්විය හැකිය. අප බොන වතුර තව ටිකකින් පිට වී යයි.ධාතු මනසිකාරයෙන් සිටින්නේ නම් ඕනෑම වේදනාවක් දුකක් ඉවසා දරා ගැනීමට හැකියාව ඇත. ධාතූන් පිළිබඳ සම්‍යක්  ප්‍රඥාවෙන් බලන කල්හි අපට මේ පිළිබඳ මනාව වැටහෙනු ඇත.

තේජෝ ධාතුව ලෙස ශරීරයේ උෂ්නත්වය  ආකාර හතරකින් ඇත. ශරීරය පුරා ඇති රස්නෙ ගතිය, කන බොන ආහාර දිරවන ස්වභාවය, ශරීරයේ ඇති දිරවන ස්වභාවය  හා ශරීරයේ ඇති දිරා යන ස්වභාවය මේ හතරයි.මේ තේජෝ ධාතුවම බාහිරවද ඇත්තේය. බාහිර තේජෝ ස්වභාවය නොයෙක් හේතු නිසා භයානක ආකාරයෙන් උත්සන්න වී පොලොවද දවාලයි.ශරීරයේ තේජෝ ධාතුවද යම් යම් වෙනස්වීම් වලට ලක්වේ. උණ රෝගය එවැනි අවස්ථාවකි.අප මරණයේදී තේජෝ ධාතුව ශරීරයෙන් පිටවී යයි.බාහිර තේජෝ ධාතුව අපට පෙනි පෙනී වෙනස් වේ.අභ්‍යන්තර තේජෝ ධාතුව මේ නිසාම මගේ යයි කියා ගත නොහැක.
වායෝ ධාතුව හුස්ම රැල්ලේ ඇත.ශරීරයේ ආකාර හයකින් පවතී.

  • උඩට එන වාතය -උද්දංගම වාතය
  • පිටුපසින් යන වාතය -අධෝගම වාතය
  • බඩේ තිබෙන වාතය - කුක්කුෂය වාතය.
  • ඇඟ පුරා දිවෙන වාතය - අංගමංගානුසාරී වාතය
  • ආශ්වාස ප්‍රාශ්වාස වාතය 
  • බඩවැල් තුළ දිවෙන වාතය
ශරීරයේ පිටතද වායෝ ධාතුව පිරී පවතී.අප ශරීරයට ගන්නේ පිට ඇති වායෝ ධාතුවයි.එය මගේය කියා වෙන් කර ගත නොහැකිය.හුස්ම රැල්ල ගන්නා සමඟම පිට කළ යුතුය.මට රඳවා ගත නොහැකිය.ධාතු මනසිකාරයෙන් අප සිතීමට පුරුදු වූ විට මේවායේ අනිත්‍යතාවය වැටහී යයි.මගේය කියා ගත නොහැකි බව වැටහි යයි.ධාතු මනසිකාරයෙන් භාවනා කරන විය උපේක්ෂාවෙන් ගැනීමට පුරුදු විය යුතුය .සිත කලබල කර ගැනීම කම්පා කර ගැනීම නොකල යුත්තකි.එවිට ඕනෑම අපහාසයක් උපහාසයක් වේදනාවක් ඉවසාගත හැකිවේ.ශරීරය ගෙයක් වැනිය.ගෙයි ගඩොල් සිමෙන්ති වැලි මැටි උළු ආදිය ඇත.රූපයද සකස් වන්නේ මෙසේ කොටස් කීපයකිනි. ආයතන හයක් එකතු වීමෙන් සත්වයා පුද්ගලයා නිර්මාණය වෙයි. ඇස රූපය හා චක්ෂු විඤ්ඤානය එකතු වීමෙන් ස්පර්ශය ඇතිවේ.ස්පර්ශයෙන් එහාට නොගොස් එනම් සංඥාවට වේදනාවට නොයා එතැනින් නතර කර ගත හොත් වේදනාව නිසා ඇතිවන සුඛය නිසා ඇති වන භවය සිදු නොවේ.එවිට ජාතිය ජරාව මරණය ආදී දුක් ඇති නොවේ.

No comments:

Post a Comment