මෛත්‍රි භාවනාව
ඔකාස
අහන්භන්තේ මම ජීවිතං තුම්හාකං පරිච්ඡ ජානී
දුතියන්පි
අහන්භන්තේ මම ජීවිතං තුම්හාකං පරිච්ඡ ජානී
තතියන්පි
අහන්භන්තේ මම ජීවිතං තුම්හාකං පරිච්ඡ ජානී
මහා
කාරුණික වු ශාන්ති නායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි……… පූජා වේවා……..
බුද්ධං
ජීවිත පරියන්තං සරණං ගච්ඡාමී
මගේ
දිවි තිබෙන තුරු බුදුරජානන් සරණ යමි
ධම්මං
ජීවිත පරියන්තං සරණං ගච්ඡාමී
මගේ
දිවි තිබෙන තුරු ධර්ම රත්නය සරණ යමි
සංඝං
ජීවිත පරියන්තං සරණං ගච්ඡාමී
මගේ
දිවි තිබෙන තුරු සංඝ රත්නය සරණ යමි
හිස්
වචන දොඩමින් නිසරුදේ ගැන සිතමින් ක්ලේශ වසඟයට හසුවී අයාලේ ගිය මගේ සිතුවිලි මේ
මොහොතේ පටන් හරි මගට ගෙන එමී
ඉමාය
ධම්මානු ධම්ම පටිපත්තියා රතනත්තයං පූජේමී
මේ
ධර්මානුධර්ම ප්‍රති පත්තියෙන් තුණුරුවන පූජා කරමී………
පූජා වේවා…………..
බුදු
සිරිපා මුල පා දූවිල්ලක් සෙයින් පාපිස්නා බිස්සක් සෙයින් මානය දුරලමී.නොදැන මා කල
සියලු වරදට සමාවන සේක්වා.
ලොවැසි
සතුන් වෙත මෙත් වැඩු බව සත්‍යයි
ඒ සත්‍ය
ගුණයට මාගේ ජීවිතය පූජා කරමි……
පූජා වේවා……..
මාගේ
සිතද මෙත් මඟට යොමු වේවා
මාගේ
වචනයද මෙත් මඟට යොමු වේවා
මාගේ
කයද මෙත් මඟට යොමු වේවා
අහං
අවේරෝ හෝමී
මම වෛර
නැත්තෙක් වෙම් වා
අව්‍යාපජ්ජෝ
හෝමී
තරහ
නැත්තෙක් වෙම් වා
අනීගෝ
හෝමී
උවදුරු
නැත්තෙක් වෙම්වා
සූඛී
අත්තානං පරිහරාමී
සුවසේ
ජීවත්වන්නෙක් වෙම්වා
අහංවිය
සබ්බේ සත්තා
මා
මෙන් ම සියලු සත්වයෝද, සියලු ප්‍රානීහුද , සියලු භුතයෝද, සියලු පුද්ගලයෝද, සියලු
ආත්ම භාවයේ ඇතුලත් වූවෝද.....
වෛර නැත්තෝ වෙත්වා
තරහ නැත්තෝ වෙත්වා
තරහ නැත්තෝ වෙත්වා
දුක්
පීඩා නැත්තෝ වෙත්වා
සුවසේ
ජීවත්වන්නෝ වෙත්වා
උඩ ඉන්නා සියලු සත්වයෝද
යට ඉන්නා සියලු සත්වයෝද
සරස ඉන්නා සියලු සත්වයෝද
දුර ඉන්නා සියලු සත්වයෝද
ලඟ ඉන්නා සියලු සත්වයෝද
දුටු
නුදුටු සත්වයෝද
කුඩා
මහත් සත්වයෝද
මධ්‍යම සත්වයෝද
වෛර නැත්තෝ වෙත්වා
තරහ නැත්තෝ වෙත්වා
තරහ නැත්තෝ වෙත්වා
උවදුරු
නැත්තෝ වෙත්වා
සුවසේ
ජීවත්වන්නෝ වෙත්වා
මා
මෙන්ම සියලු සත්වයෝද
සංසාර දුකෙන්
මිදෙත්වා
සංසාර භයෙන්
මිදෙත්වා
සංසාර ගින්නෙන්
මිදෙත්වා
සංසාර සෝකයෙන් මිදෙත්වා
සංසාර රාගයෙන්
මිදෙත්වා
සංසාර සයුරෙන්
මිදෙත්වා
සංසාර බැම්මෙන්
මිදෙත්වා
සංසාර අදුරෙන්
මිදෙත්වා
නිර්වාණ
උතුම් සුවයම අවබෝධ කෙරෙත්වා........ සාධු....... සාධු.......සාධු.......
No comments:
Post a Comment