2011-7-16 දින බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව
ඇසුරින් සකසන ලදී
ධම්ම දායාද සූත්‍රය
දේශකයන් වහන්සේ
පූජ්‍ය පාද ගලිගමුවේ ඥණදීප හිමි.
සැවැත් නුවර
ජේතවනාරාමයේ දී භික්ෂුන් වහන්සේලා අරභයා දේශනා කරන ලදි. ධර්මය දායාද කර ගන්නවා විනා ආමිස
දායාද නොකරගත යුතු බව මේ සුත්‍රයෙන් දේශනාවේ.උදා. වශයෙන් එකල කෝකාලික නම්
භික්ෂුවක් විය.ඔහු ආරාමයේ සිටින විට සාරිපුත්ත හිමි ඇතුළු පිරිස සංචාරයේ යන අතර
කෝකාලික භික්ෂුවගේ ආරාමයට ද වැඩියහ. කෝකාලික තෙරුන්, දායක පිරිසට පිරිකර රැගෙන
විත් සැරියුත් මුගලන් දෙනමට පුජා කරන ලෙස දන්වා යැවූහ. සැරියුත් මුගලන් දෙනම ආපසු
වඩින විට මේ පිරිකර සියළුම භික්ෂූන්ට බෙදාදෙන ලදී. කෝකාලික තෙරුන් මෙය නොඉවසීය.
සියළු පිරිකර ඔහුටම ලැබේ යයි අපේක්ෂා කළ බැවින් කෝපයට පත් වී සැරියුත් මුගලන්
දෙනමට දොස් නගන්නට අපහාස කරන්නට විය. මේ බැවු දැන ගත් බුදු පියානන් වහන්සේ කෝකාලික
තෙරුන්ට අවවාද කරන ලදී. අවවාද නොඉවසූ කෝකාලික තෙරුන් කාමරයට ගොස් දොර වසා ගති. ඒ
සමඟම එම තෙරුන්ගේ ශරීරය පුරා බිබිලි මතුවී විශාලවන්නට විය. පසු දින වනවිට ඒවා මහා
ගෙඩි බවට පත්වී පුපුරා යන්නට විය.මේ බව දැනගත් දෙවියෙකු ඔහුට සැරියුත් මුගලන්
දෙනමගෙන් සමාව ගන්නා මෙන් උපදෙස් දෙන ලදී. නමුත් ඔහු එය පිළිගැනීමට නොකැමති
විය.එදා රාත්‍රියේ මේ ගෙඩි පුපුරා ඔහු මිය ගොස් අපා ගත විය.
ධර්මය දායාද කර
නොගෙන සිවුරු පිරිකර ආදියට ලොභ බැඳීමෙන් කෝකාලිකට සිදුවූ අනර්ථය මෙසේය. බුදුන්
වහන්සේ මේ කතාව අරඹයා භික්ෂූන් වහන්සේලාට ධර්ම දායාද කරගැනීමේ මහත් වූ යහපත දේශනා
කළ සේක. සිව්පසයට ආශා කිරීමෙන් ගිහියන් භික්ෂූන් කෙරෙහි නොපැහැදී දොස් නඟන්නේය .
බුදුරජානන් වහන්සේටද මේ දොස් ලැබෙන්නේය. ආමිස දායාද නොකරගෙන ධර්මය දායාද කර ගන්නා
විට බුදුරජානන් වහන්සේගේද ගුණ ගායනා කරන්නේය.
මීට තවත් උදාහරනයක් වශයෙන් පහත කථාවද දැක්විය හැක. බුදුරජානන්
වහන්සේ පිණ්ඩපාත ගොස් දානය ලබා ගෙන කුසගින්න නිවා ගත් පසු අඑතෙන් කුස ගින්න නූපදන
සේ සිටින විට උන්වහන්සේ පාත්‍රයෙහි ඉතිරි කොටස
බඩගින්නෙන් පෙළෙන භික්ෂූන් වහන්සේලාට කැමති නම් වළඳන සේ වදාළහ. එක භික්ෂුවක්
බුදුරජානන් වහන්සේ දානය වළඳා අවසානයේ ඉතිරි කොටස තමා වැළඳුවේ නැති නම් ඉවත
දමයි. ඒ නිසා මමද ඒ කොටස වලඳන්නේ නැතිව
කුසගින්න ඉවසා ගමියි සිතූහ. සිතා කුසගිනි දරා ගත්හ.දෙවන භික්ෂූව සිතුවේ එම දාන
කොටස වැළදීමෙන් කුසගිනි වේදනාව නිවා ගත හැකි බවයි. බුදුරජානන් වහන්සේ ප්‍රකාශ කළේ පළමු
භික්ෂුව හොඳ බවය.බඩගින්නේ සිටි භික්ෂුවගේ ක්‍රියාව උතුම් බවය.අල්පේච්ඡතාවය ඉවසීම වීර්යාරම්භය
උතුම් බවය.ධර්මය දායාද කර ගන්නවා විනා ආමිසය දායාද කර නොගත යුතු බවයි. බුද්ධ පූජාව
තව කෙනෙකු වැළදීම හොඳ ක්‍රියාවක් නොවේ. එසේ
කිරීමෙන් බුදුන් කෙරෙහි ගෞරවය අඩුවේ. සතුන්ට පවා දීම සුදුසු නැත.මේ දේශනාවෙන් පසු
සාරිපුත්ත හිමියන් භික්ෂූන් අතරට වැඩ බුදුරජානන් වහන්සේ විවේකයෙන් සිටිද්දි ශ්‍රාවකයන් විවේකයෙන්
නොසිටින්නේ මන්දැයි විමසීය.මෙහි විවේකය යනු භාවනාවේ නිරත වීමයි. ඉන් පසු පළමු
සිද්ධිය කියා සිටියහ.
සාරිපුත්ත
හිමියන් කරුණු 3ක් මත මෙය පැහැදිලි කළ සේක.
ශාස්තෘන් වහන්සේ විවේකයෙන් සිටින විට මහ තෙරුන් වහන්සේලා
එසේ නොකර සිටින විට මිනිසුන් මහ තෙරුන්
වහන්සේලාට අපහාස කරති. හුදෙකලාව සිට කෙලෙස් ප්‍රහාණය කිරීමට මහන්සි ගත්තේ නැතැයි
මිනිස්සු ගරහති.
එපමනක් නොව සිවුපසය ගොඩගසා ගැනීමේ යෙදෙති.සාස්තෘන්
වහන්සේ ධර්මයෙහි හැසිරෙන විට මහ තෙරුන් වහන්සේලා ධර්මයෙහි නොහැසිරෙතියි මිනිස්සු
ගරහති. බුදුන් වහන්සේගේ දින චරියාව අනුව නිදා ගන්නේ පැය 2ක් පමණි. ඉතිරි මුළු
කාලයම ලෝකාර්ථය සඳහා යොදවන ලදී.දවල් කාලයේ පිණ්ඩපාතයේ වැඩම කොට සෑහෙන පමණ ලද විට
කැළෑවට ගොස් හුදෙකලාව සිට දන් වළඳයි. ගස්
කොළ එකතු කර දෙපට සිවුර එලා ආසනයක් පනවාගෙන දන් වළදා විවේක සුවයෙන් පසුවෙයි. සවස 4 පමණ ආරාමයට වැඩ ධර්ම සභා මණ්ඩපයට රැස්වූ
පිරිසට දහම් දෙසති. කරුවල වැටෙන විට භික්ෂූන් වහන්සේලා පැමිණ තමතමන්ගේ ප්‍රශ්ණ
ඉදිරිපත් කරති. අවවාද දීම, කමටහන් දීම, ශික්ෂා පද පැන වීම සිදුවන්නේ මේ කාලයේදීය. දහයට
ආසන්න වන තුරුම භික්ෂූන්ට දේශනා කිරීම සිදුවේ. ධර්ම දායාද සූත්‍රය දේශනා කරන ලද්දේ
මේ කාල සීමාවේදීය. රාත්‍රියේ මැදියම 10-12 අතර දිව්‍ය ලෝකවල දෙවිවරු බුදුන් වෙත
පැමිණෙති. දෙවියන්ගේ ප්‍රශ්ණ විචාරීම, ධර්ම දේශනා
කිරීම මේ කාලය තුළ සිදුවේ. එයින් පසු විවේක කාලයයි. තථාගතයන් වහන්සේ හුදකලාව
වැඩවෙසෙන විට මහ රහතුන් වහන්සේලාද අනිකුත් භික්ෂුන් වහන්සේලාද වැඩ වෙසෙමින්
සිටිනවා වෙනුවට සිවුපසය සඳහා ලොභින් ක්‍රියා නොකළ යුතුය. නොඑසේම කෙළෙස් ප්‍රහාණය
කිරීමට උත්සාහ නොදරන විට මහජනයා ගරහති.
යම් කිසි මහතෙරුන් වහන්සේ නමක් චිත්ත විවේකයෙන් ගත කරන
විට එතුමන්ට මිනිස්සු ගරු කරති. මහතෙරුන් අනුව යන අනෙකුත් තෙරුන්ටද ගරු කරති. මධ්‍යම
ප්‍රතිපදාවෙහි යෙදීමෙන් ලෝභය දුරු කළයුතු බව චක්ෂු කරණී, ඤණ කරණී, උපසමාය,
සම්භෝදාය ආදී වශයෙන් මධ්‍යම ප්‍රතිපදාවෙහි ආනිසංස දේශනා කළ සේක.අරි අට මඟ අනුගමනය
කිරීමෙන් ආමිසය නොව ධර්මය දායාද කරගැනීමෙන් කෙළෙසුන් ප්‍රහාණය කිරීමට
නොපෙළෙඹිය යුතු බව සැරියුත් හිමියන් දේශනා
කළහ. ලාභ සත්කාරයට ලොභ බැඳීම, ද්වේශය, මානය, මච්ඡරිය ආදී වූ කෙළෙස් වර්ධනය වන
ආකාරයට කටයුතු නොකළ යුතු බව දේශනා කළහ. ගිහියන් ද සිවුවනක් පිරිසට අයත්ය. ගිහියන්
ද අනවශ්‍ය පරිදි වස්තුව ගැන ආඩම්බර නොවී ධර්මානුකූලව ජීවිතය සකස් කර ගෙන ඒ අනුව
සිතා සතුටු වීම ඉතා වටනේය.
ධර්මය දායාද කර ගෙන ධර්මානුකූල ජිවිත සකස් කරගෙන ශීලා දී
ගුණ ධර්ම දියුණු කර ගැනීමෙන් සසරින් අත මිදීමට සිතට ගත යුතුය. බුදුරජානන් වහන්සේ
භික්ෂූන් වහන්සේලා අරබයා දේශණා කරන ලද ධර්ම දායාද සූත්‍රය අප සැම ආදර්ශයට ගත
යුතුය.
No comments:
Post a Comment