2011-7-22 දින
බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වස්සාන ධර්ම මාලාවේ ධර්ම දේශණාව ඇසුරින්
සකසන ලදී
සල්ලේඛ සූත්‍රය
දේශකයන් වහන්සේ අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි.
මඣ්ඣිම නිකාය මූල පන්නාසකයේ මූල පරියාය වර්ගයට අයත් සූත්‍රයකි.
කරුණු සහිත
දීර්ඝ සූත්‍රයකි. බුදු පියානන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ දී එක් අවස්ථාවක මහා
චුන්ද ස්වාමීන් වහන්සේ බුදු රදුන් වෙත පැමිණි මේ සූත්‍රය අදාල මූලික ප්‍රශ්ණය ඉදිරිපත් කළහ. සල්ලේඛ යනුවෙන් අදහස් වන්නේ කුඩා
කුඩාවට හා තුනීවට කැපීම හෙවත් ලියවීමයි. මෙහි කුඩාවට ලියන්නේ කෙළෙසුන්ය.
ඇතැම් අය තුළ
තමා පිළිබඳ දෘෂ්ඨියක් තිබෙනවා තමා යැයි
පුද්ගලයෙකු සිටිනවාද ඉපිද ඉපිද මැරෙනවාද යනුවෙන් යම් යම් අය තුල සැකයක් ඇත.
ඉපදීම මැරීම පිළිබඳ සැකය නැතිනම් ඔවුන්
තුළ තිබෙන දෘෂ්ඨිය ගැන චුන්ද හිමියන් බුදු පියාණන් වහන්සේ ගෙන් විමසන ලදි.
එබඳු
දෘෂ්ඨියක් යමෙකු තුළ පහලවේ නම් පළමුව එම දෘෂ්ඨියට හේතුව විමසා හේතුව නැති කළ යුතු
බව බුදු පියාණන් වහන්සේ වදාල සේක. වෛද්‍යවරයෙකු රෝග පරීක්ෂාවකදී රෝගයට හේතුව
සොයන්නාක් සේ යම් පුද්ගලයෙක් තමා තුළ
මෙවන් දෘෂ්ඨියක් ඇතිවේ නම් එසේ සිතට නැගීමට හේතු විමසාලිය යුතුය. තමන් ගැන හෝ
අනුන් ගැන මෙසේ ඉපදීම , මරණය අතීතයේ මම සිටියාද අනාගතයේ කොහේ යයිද අතීතයේ කවුරුව
සිටියාද අනාගතයේ කවුරු වෙයිද ආදී වශයෙන් සිතන්නට හේතුව වර්තමානයේ මම කියා කෙනෙක් ඉන්නවා
යන හැඟීම නිසාය.
වර්තමානයේ මම
කියා මෙසේ අල්ලා ගන්නේ පංච උපාධානස්කන්ධ යයි. එනම් රූප වේදනා සංඥා සංඛාර
විඥඥානයයි.මේ ගොඩවල් පහ ඇතිවෙමින් නැතිවෙමින් යන්නකි. මට වුවමනා විදියට පාලනය කළ
නොහැක. එසේ නම් මම කියා ගන්නේ කෙසේද? එසේ නම් මම කියා ගන්නට නොහැකි බව වටහා ගනී. වර්තමානයේ
ඇති මේ අනියත බව අතීතයේද ඒ ආකාරයෙන් සිතිය යුතුය.අතීතයේත් මා සිටියේ
නැත.වර්තමානයේත් මා නැත. එසේ හෙයින් අනාගතයට උපාදාන කර නොගත යුතුය.
මා ගැන එසේනම්
අන්‍ය අයටද ඒ ආකාරමය. මේ විදියට මම යන සක්කාය දෘෂ්ඨිය නැති කරගත යුතුය.
කෙළෙසුන් තුනී කර ගත යුතුය. මෙසේ කෙළෙසුන්
තුනී වන විට ඇතැම් පිරිස මාර්ග ඵල ලැබුවා යැයි සිතයි.එය වැරදි දෘෂ්ඨියකි.
ප්‍රථම
ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන වශයෙන් රූපාවචර
ධ්‍යාන හතරක් ඇත. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා වශයෙන් ධ්‍යාන සිත්
මකා දමන නීවරණ ධර්ම පහක් ඇත. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච,
විචිකිච්චා ආදී නීවරණ කුසල සිත් වලකාලයි. සිත විපිළිසර කරයි. ධ්‍යානාංග වලින්
කරන්නේ නීවරණ යටපත් කිරීමයි. එවිට සිත කලබලකාරී බවින් මිදී සිත සන්සුන් වේ සුවපත් වේ.
මෙම සිතේ ඒකාග්‍රතාව ධ්‍යාන වැඩීමෙන්ද ලැබිය හැක. ධ්‍යාන ඵලයන්ට සම වැදීමෙන් සිතේ
සුවයක් ඇත්වේ. දුවන පනින සිත එක්තැන්වේ. සිතේ පහළ වන මේ සංහිඳියාව ගැන ඇතිවන
මාර්ගඵල අවබෝධ කළා යන වැරදි හැඟීම නිවන් සාක්ෂාත් කිරීමේ මඟ අවුරාලයි. ඒ ධ්‍යාන
සුවයයි. ඔවුන් කෙළෙස් ප්‍රහාණය කර නැත. බුදුන් වහන්සේ මේ අය “දිට්ඨ ධම්ම සුඛ
විහාරී “ වශයෙන් නම් කළ හැකි බවද දේශනා කළ සේක.ධ්‍යානාංග වලින් ලබන සුවය ඒ මොහොතේ
ලබන ලෞකික සුවයකි. එය තාවකාලික සුවයකි.
ප්‍රථම ආදී ධ්‍යාන
හතරින් නොනැවතී ආකාසාඤ්ඤායතන,
විඤ්ඤානඤ්ඤායතන නේවසඤ්ඤායතන, ආකිඤ්චඤ්ඤායතන ආදී අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීමෙන්
සිතෙහි කෙළෙස් තව දුරටත් තුනීවී යයි. මේ අවස්ථාවේ කෙළෙස් ප්‍රහාණය කළා යයි සිතයි
නම් එයද මුලාවකි. එය ‘ශාන්ත විහරණ‘ යයි. පංච නීවරණ යටපත් වීමෙන් ලබන සුවයකි.
බුදු හිමියන්
චුන්ද තෙරුන්ට දේශනා කළේ කෙළෙස් ප්‍රහාණයට නම් දස කුසල් හි යෙදී අකුසලයෙන් මිදී ක්‍රමාණුකූලව
ප්‍රතිපත්ති පිරිය යුතු බවයි. මිත්‍යා ප්‍රතිපදාවෙන් මිදිය යුතුය.අකුසල් සිත තුනී
වන ආකාරයට කටයුතු කළ යුතුය. කුසල
සිතිවිලි මාත්‍රයක් වුව උපදවා ගැනීම උතුම්ය. ද්වාරත්‍ර යෙන් කුසල සිතිවිලි උපදවා
ගන්නේ නම් කෙතරම් හොදද? සතුන් මැරීම වැනි අන්‍යයන්ගේ අකුසල් දකින විට තමා ඒවායෙන්
මිදෙන බව සිතීම වැදගත්ය. සිතිවිලි මාත්‍රයක් වුව උසස්ය. යහපත පිනිස යන පාර සොයා ගත
යුතුය. අයහපත සිදුවන
පාර වසා දැමිය යුතුය. කෙළෙස් නසන ප්‍රතිපදාව නම් අනුන් කරන අකුසල් දෙස බලා තමා ඒවා
නොකරන බව සිතා කුසල් සිත් උපදවා ගැනීමයි. අකුසල් ටිකෙන් ටික ලියවා දැමීමයි.
මෙම සූත්‍රයට අනුව දස අකුසල් ලියා දැමිය
යුතුය. සිතේ උපන්
කෙලෙස් ලියා දැමිය යුතුය. ලියා දැමීම යනු කුඩා කුඩා කොටස් වලට කපා ඉවත් කර
දැමීමයි. යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කිරීමෙන් තමා පිළිබඳ ඇතිවන ඉපදීම, මරණය ,
අතීත උපතක් තිබුනාද, අනාගතයේ උපදිනවාද ආදී වශයෙන් ඇති සැකය කෙනෙකුට දුරු කර ගත
හැකි නේද චුන්ද හිමියන් විසින් විචාරන කල්හි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙබඳු
සැකයනට හේතුව සොයා ගත යුතු බවය. එසේ
සෙවීමේදී මම යන කෙනෙක් ඇතැයි පහලව තිබුනු දෘෂ්ඨි කපා ලියවා විනාශ කළ යුතු බවයි.
මෙම වර්තමානයේ පවතින පංච උපාධානස්කන්ධය
අතීතයේද පැවතුන බව ඔහුට වැටහෙනු ඇත. මේ ගොඩවල් පහ ඇතිවන නැතිවන මගේය කියා පාලනය කළ
නොහැකිවූ දෙයක් බව අවබෝධවේ. මේ යථාර්තය දුටු විට අනාගත අතීත වර්තමාන වශයෙන් මම
යැයි කෙනෙක් නැති බව වැටහේ. අනිත් අයද මේ ආකාරම බව පෙනී යයි. කෙළෙසුන් තුනීකර ගත
යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනාකළ සේක.
සිත් තුළ පහල
වන අභිද්ධ්‍යාව, ව්‍යාපාදය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මක්කෝ, වෛරය , මච්ඡරිය, මායා
චිත්ත, ඵලසෝ, සාටෙයිය, තබ්බෝ,
සාරම්බෝ, මානය, මදය, ප්‍රමාදය ආදී කොට ඇති කෙළෙස් කපා ලියවා විනාශ
කොට දැමිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනාකළ සේක. මෙසේ කෙළෙස් දුරු කිරීම නැතිනම්
ප්‍රහාණය කිරීම ක්‍රම ක්‍රමයෙන් කුසල් සිත් උපදවා ගැනීමෙන් කළ යුත්තකි. එසේ ලබන
කෙළෙස් ප්‍රහාණය සදාකාලිකය. ධ්‍යාන උපදවා ගැනීමෙන් ලබන සිතේ සංහිඳියාව සුවය තාවකාලිකය. දශ අකුසලයෙන් මිදී දශ
කුසලයේ හැසිරීමෙන් ශීල සමාධි භාවනාවන්හි නිරත වීමෙන් ලබන කෙළෙස් ප්‍රහාණය නිර්වාණය
පිනිසම වේ.
No comments:
Post a Comment