සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Sunday, October 27, 2013

වප් පසළොස්වක පොහොය

සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට යමා මහා පෙළහර පාමින් වැඩම කර සිටි සේක.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.

කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.

අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝ දායි.


මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.

No comments:

Post a Comment